කෙසෙල් ලෙලි පොහොර වෙන්නේ කොහොමද ?

ප්රශ්නය :
කෙසෙල් ලෙලි පොහොර ගස්වලට යොදන්න හොඳ මොන කාලෙටද? පැළ කාලෙද නැත්නම් අස්වැන්න හැදෙන කාලෙද?
 
පිළිතුර:
කෙසෙල් පොතු කියන්නේ පොටෑසියම් බහුල අමුද්රවයක්. පොටෑසියම් කියන්නේ ශාක වලට අත්යාවශ්ය මූලද්රව්යයක්. ඒ කියන්නේ පෝටෑසියම් ගහේ පැවැත්මට නැතුවම බැරි එකක්. පෝටෑසියම් එකතු කරනවා කියන්නේ ශාක වර්ධනය හොඳින් සිදුවෙනවා. ශාක වර්ධනය හොඳින් සිදු වෙනවා කියන්නේ ඒ ගහේ ඉක්මනින් ගෙඩි හට ගන්න එක.
 
ගහේ වර්ධනය හොඳින් සිද්ද වෙන්නනම් අපි බෝගයට අනිවාර්යෙන් පොටෑසිම් දෙන්න ඕනේ. ගෙඩි හැදෙන කාලයට ටිකක් වැඩිපුර පොටෑසිම් ගහට ඕන වෙනවා. අනිත් කාල වලදීත් බෝග සාමාන්ය පරිදි වර්ධනයට පෝටෑසියම් ලබා දෙන්න ඕනේ. කෙසෙල් පොතු කියන්නේ මේකට හොදම දෙයක්.
අපිට පුළුවන් කෙසෙල් පොතු කෙලින්ම කෑලි වලට කපලා පසේ මතුපිට ස්ථරයේ වළලන්න. එහෙම නැත්නම් කෙසෙල් පොතු දියර පොහොර හදලා යොදන්න. කෙසෙල් පොතු දියර පොහොර යෙදීමෙන්, පොතු වලළනවට වඩා පහසුවෙන් ගහට පොටෑසිම් ලබා ගන්න පුළුවන් වෙනවා.
 
මේක හදා ගද්දී කෙසෙල් පොතු කෑලි වලට කපලා බෝතලයකට දාලා කෙසෙල් පොතු වැසී යන පරිදි ජලය එකතු කර මූඩිය හොඳින් වසා සතියක් පමණ අදුරේ තබා දියර පොහොර සාදා ගන්න පුළුවන්. මෙකෙදි ඉතුරු වන කෙසෙල් පොතු නැවතත් පසටම යොදන්න පුළුවන්. සාදාගත් දියර පොහොර සවස් වරුවේ ගහේ කොළ තෙමී යන පරිදි ස්ප්රේ කරන්න. මේ දියර පොහොරට හැකියාවක් තියෙනවා කූඩිත්තන් විකර්ශනය කරන්නත්.
 
සටහන : දිලිනි තක්ෂිලා
[ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
 
 
 
 
Scroll to Top