පිටි මකුණට මොකක්ද කරන්න පුලුවන් ?

ප්‍රශ්නය : මට වවන්න පුලුවන්කම තියෙන්නෙ බැල්කනියෙ විතරයි. ඒත් මම ගස් මුකුනුවැන්න, ලුනුවිල, කෝවක්කා, කංකුං, කතුරුමුරුංගා, කටරොලු, නිවිති වගේ කොල වර්ගත් කැරට් හා බන්ඩක්කාත් පෝච්චි වල වගේම පරණ භාජන වලත් වවලා තියෙනවා. ඊට අමතරව කහ, ඉඟුරු, එන්සාල්, කහ බතල පැල කිහිපයකුත් නාරං, වෙරලු හා ලෙමන් පැලත් තියෙනවා.ඒවා සේරම ලොකු පෝච්චිවල හැදුවෙ. ඒවයින් පලදාවත් ගත්තා. මේවට මම දාන්නේ ගෙදරම ලොකු හාල් උරවල හදාගත්ත කොම්පෝස්ට් පොහොර. දිරන කොල ගන්නෙ ගෙදර බිම තියෙන එකම කාමරංකා ගහෙන්. ඒවාට කෙසෙල්, ලූනු වර්ග වල පොතු වගේම පිටින් ගෙන්න ගන්න වියළි ගොම, අලු එහෙමත් දානවා.ඒත් දැන් තක්කාලි, බන්ඩක්කා වලට පිටි මකුනා ඇවිත්. සබන් වතුර නම් ස්ප්‍රේ කලා. හරියයිද දන්නේ නෑ.

පිළිතුර : පිටි මකුණන්ට ප්‍රතිකාර ක්‍රම කීපයක්ම තියෙනවා.පිසූ බත් ටිකක් වතුරේ දාලා (මූඩියක් සහිත ඕන බෝතලක් ගන්න පුළුවන්) , හොදට කලවම් කරලා දවස 10-12 වගේ තියන්න. පසුව දියරය අරන් පිටි මකුණන්ට ස්ප්‍රේ කරන්න. පිටු මකුණගේ වටේ තියන වැක්ස් තට්ටුව මෙම දියරයෙන් දිය වෙලා යනවා. ඊට පස්සේ පහසුවෙන්ම මෙයාලව අයින් කරන්න පුළුවන්. එදාම හැකිනම් කොහොඹ තෙල් සබන් වතුර එක්ක මික්ස් කරලා නැවත යොදන්න.ඒ වගේම * High speed වතුර පාරක් හොස් එකකින් අල්ලලා ගස් හෝදලා දාන්න පුළුවන්.* වතුරට සබන් එකතු කරලා ස්ප්‍රේ කරන්නත් පුළුවන්.* ගස් පොඩි ප්‍රමාණයක ඉන්නවනම් brush එකකින් සුද්ද කරලා දාන්න පුලුවන්.

සටහන : දිලිනි තක්ෂිලා [ YouPAH Agventure ව්‍යාපෘති සම්බන්ධීකාරක කමිටුව ]

වගාව සම්බන්ධයෙන් මේ ප්‍රශ්න පිළිතුරු post series එක ලියන්නේ YouPAH Agventure ව්‍යාපෘති chat group එකේ යන සංවාද වලට අදාලවයි. අහරින් සුරක්ෂිත රටක් වෙනුවෙන් වන YouPAH Agventure : පෙරලියක ඇරඹුමට සම්බන්ධ වීමට ඔබත් කැමති නම් 0777035268 YouPAH WhatsApp number එකට පණිවිඩයක් ලබා දෙන්න. 🌱

Scroll to Top