කොළ කොඩ වීමට කරන්න ඕනේ මොනවද?

කොළ කොඩ වීමට කරන්න ඕනේ මොනවද?

ප්රශ්නය :
මිරිස් පැළ වල කොළ හැකිලීමට බත් දියර ප්රතිකර්මය හරියන්නෙ නැද්ද ?
 
පිළිතුර :
කොළ හැකිලීම කියලා අදහස් කළේ කොළ කොඩවීම නම් බත් දියර ප්රතිකර්මය හරියන්නේ නෑ. ඒක වෛරස් රෝගයක්. එකට නම් බෙහෙතක් නෑ.
 
නමුත් මේක ගහෙන් ගහට බෝවෙන්නේ කුඩිත්තන් (aphid), පැළ මැක්කන් (thrips),කීඩෑවන් ( mites) සුදු මැස්සන් (white flies) වැනි කෘමී වාහකයන් හරහා. එයාලව පාලනය කරලා රෝගය පැතිරීම වළක්වන්න පුළුවන්. ඒ වගේම රෝගය වැළඳුනු බෝග වගා භූමියෙන් ඉවත් කිරීමෙන්නුත් අනෙකුත් බෝග වලට රෝගය පැතිරීම වළක්වා ගන්න පුළුවන්.
රෝග වාහකයන් පාලනයට: කොහොඹ තෙල් තේ හැඳි දෙකක්, සබන් 2g, සුදු ළුණු කෑලි 2ක් 3ක්-ඉගුරු කෑල්ලක්(යුෂ ලබා ගන්න) වතුර 5l මික්ස් කරලා යොදන්න.
 
මේ විදිහට කොළ කොඩවීම පතුවන අයව පාලනය කරන්න පුළුවන්. මේකෙන් පාලනය උනේ නැතිනම් මීට වඩා සැර එකකට යන්න පුලුවන්.
 
සටහන : දිලිනි තක්ෂිලා
[ YouPAH Agventure ව්යාපෘති සම්බන්ධීකරණ කමිටුව ]
Scroll to Top