#Foodventure: A Food Adventure

YouPAH; Young Professionals Alliance for Health, ඒ කියන්නෙ සෞඛ්‍ය සදහා වූ තරුණ වෘත්තිකයන්ගේ සන්ධානය, තමන්ගේ වගේම තම තමන් ජීවත් වෙන ප්‍රජාවගේත්, රටේ ලෝකේ මිනිස්සුන්ගෙත් සෞඛ්‍ය ගැන වැඩ කරන තරුණ වෘත්තිකයන්ගේ එකතුවක්. ක්ෂේත්‍ර ගණනාවක තරුණ වෘත්තිකයන් යූපා එක්ක බැදිලා ඉන්නවා. අපේ ජිවිත වල වගේම සමස්ත ප්‍රජාවගෙත් සෞඛ්‍යයත් සෞඛ්‍යයට බලපාන විවිධ සාධක පිලිබදවත් තීරණ ගැනීමේ බලය මිනිස්සුන්ගේ අතට අරගෙන අවබෝධයෙන්, සෞඛ්‍ය සම්පන්නව, සතුටින්, එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන ප්‍රජාවක් බවට පත්වෙන එක තමයි අපේ අරමුණ.
ලංකාව මුහුණ දුන්නු දරුණු ආර්ථික අර්බුදයත් එක්ක එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන එක ගොඩක් අයට අසීරු වුණා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, බලශක්තිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් වල මිල ඉහළ යෑමත් එක්ක සෞඛ්‍යමත් විදියට ආහාර ගන්න එක, හොද පෝෂණයක් ලබාගන්න එක අපහසු කටයුත්තක් වුණා. නිසි පෝෂණය කියන්නෙ ප්‍රජාවකගේ සෞඛ්‍යමත් බව තීරණය කරන ප්‍රධානතම සාධකයක්. ඉතින් ඉතාම අසීරු අවස්ථාවලදී උනත්, නිසි පෝෂණයක් පවත්වාගෙන යන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ හින්දම තරුණ වෘත්තිකයන් විදියට මේ ගැන අපිට කරන්න පුලුවන් දේවල් අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රථිඵලයක් විදියට තමයි YouPAH Foodventure බිහි වෙන්නෙ. YouPAH Foodventure අපි නිර්මාණය කරන්නෙ අපි අපිටම කරන challenge එකක් විදියට.

Recent Foodventure Recipes

Gizzard and Noodle Soup

හැමදාම වැඩට ගෙනියන්න බත්ම හදන්න ඕනෙ නෑ… මෙහෙම ඒවත් ගෙනියන්න...

Read More

YouPAH Foodventure – Youth Challenge

In collaboration with UNICEF

Mobilizing youth to improve nutrition and food security of communities through community action.

#Foodventure_Youth

YouPAH Foodventure Youth Challenge Symposium

The YouPAH Foodventure Youth Challenge is an approach developed in partnership with the Youth and Adolescent Health Unit of Family Health Bureau – Sri Lanka and UNICEF Sri Lanka to empower youth across the 25 districts in Sri Lanka. From June 2023 to July 24, 2024, and beyond, this challenge has engaged 50 youth teams in the initial stage in efforts to improve nutrition and food security in their communities.

At the end of the challenge, the 22 remaining young groups, trained by them, worked towards improving food safety and overall wellbeing in 36 communities, and completed this challenge successfully. This is the moment they were awarded certificates in appreciation.

Scroll to Top