දෙල් කොත්තු දෙල් පොඩි කෑලි වලට කපලා වතුර ටිකක් දාලා තම්බා ගන්න..කැරට්, ලීක්ස්, ළූනු කොල, ගෝවා, සුදු ළූනු,බී ළූනු පොඩිවට කපාගන්න. පොල්තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ළූනු, බී ළූනු, කරපිංචා, රම්පේ ටිකකුත් එකතු කර ගන්න. ටිකකින් කපාගත්ත එලවලු සහ බිත්තරයකුත් එකතු කරන් ටිකක් මිශ්ර කර ගන්න. ඒකට ලුනු, ගම්මිරිස් රස අනුව එකතු කර ගන්න. අන්තිමෙට තම්බ ගත්ත දෙල් ටිකත් ඒකට එකතු කරලා එලවලු එක්ක හොදින් මිශ්ර කර ගන්න.