හාල්පිටි පලතුරු කේක්

හාල්පිටි ග්රෑම් 200
බිත්තර ග්රෑම් 200 ( බිත්තර 4 )
සීනි ග්රෑම් 150
ගෙදර හින්දපු පොල් තෙල් මිලි.150.(අඬු කෝප්ප 3/4)
යෝගට් තේ හැඳි 2ක්
බේකින් පවුඩර් තේ හැඳි 1 1/2ක්
වැනිලා තේ හැඳි 2ක්
දෙහි බිංදු කීපයක්

මුලින්ම බිත්තර වල සුදු මද වෙන් කරගෙන දෙහි ටික දාලා හොඳින් බීට් කරගන්න.සීනි ටිකත් හොඳින් කුඩු කරගෙන, සීනි,බිත්තර කහ මදය,වැනිලා,යෝගට් දාලා හොඳින් බීට් කර ගන්න.
තෙල් ටික එකතු කරගන්න ගමන් තවත් ටික වෙලාවක් හොඳින් බීට් කරගන්න.

පිටි එකට බේකින් පවුඩර් දාලා තුන් වතාවක් හලා ගන්න. තෙල් දාලා බීට් කල මිශ්රණයට පිටි ටික ටික දාලා ලී හැන්දකින් එක පැත්තකට කලවම් කරන්න.

අවසානෙට බිත්තර සුදු මද එක දාලා ලී හැන්දෙන්ම කැට නොහිටින්න කලවම් කරන්න.

තද අව්වේ වේලලා ගත්ත ගස්ලබු තමයි මම කේක් එකේ පළතුරු කෑලි විදිහට යොදාගත්තේ.. ඒවා වර්ණවත් වෙන්න ස්වභාවි ක වර්ණක හදාගත්තා බීට් රූට්, වදමල්, නිල්කටරොළු සහ කහ වලින්..

පිටි ටිකක් එක්ක කලවම් කරපු පලතුරු කෑලි cake batter එකට දාලා කලවම් කරලා උඩිනුත් ටිකක් ඉහින්න.

කලින් සූදනම් කරගත්ත ග්රෑම් 800 ක කේක් එකක් බේක් කර ගන්න සුදුසු තැටියකට දමා 180° කලින් රත් කල අවන් එකක් විනාඩි 35ක් 45ක් වගේ බේක් කරගන්න.

මේකම ස්ටීම් කරන්නත් පුලුවන්. විනාඩි 45ක් විතර තියලා මැදින් කූරකින් තැම්බිලා ඇතිද බලන්න.මදි නම් තවත් විනාඩි 5ක් විතර තියලා ගන්න.

Scroll to Top