Papaya & අමු අඹ smoothie ළඟදි දවසක මට අමු අඹවලින් හදන රසවත් පානයක් රස බලන්න ලැබුණා. ඒත් ඒකෙ ප්රශ්නෙ සීනි ගොඩක් දාන එක. ඉතින් මන් හිතුවා අමු අඹ පානයක් හදන්න රස විදිහක් සීනි නොදා….පොත්ත ඉවත්කරපු අමු අඹ තීරුවක්, ගස්ලබු කැබැල්ලක් සමඟ වතුර චුට්ටක් එක්ක blend කරගෙන තියෙන්නෙ මේ… ඊටපස්සෙ ග්රේට් කරගත්ත අමු අඹ ටිකක් උඩින් ඉහගත්තෙ පෙනුම වැඩි කරගන්න වගේම drink එකේ අමු අඹ හැපෙද්දි දැනෙන රසත් වැඩි නිසා.