කුරක්කන් & banana mini pancakes

අද මන් අරන් ආවෙ ගෙදර ඉදිලා වැඩි කෙසෙල් තියෙන දවසට පොඩිත්තන්ට ලේසියෙන් හදලා දෙන්න පුළුවන් රස snack එකක්. මේක උදේ ආහාර වේලකට වගේම ඉස්කෝලෙ ඉන්ටර්වල් එකට ගෙනියන්නත් කදිමයි.

භාවිතා කළ අමුද්රව්:
1. හොඳින් ඉදුණු සීනි කෙසෙල් ගෙඩි 2යි
2. බිත්තරයයි
3. කුරක්කන් පිටි මේස හැඳි 2යි
4. Non-fat කිරි කෝප්ප භාගයයි.
5. කුරුඳු කුඩු තේ හැඳි භාගයයි.
6. පෑන් එකේ තවරගන්න පොල්තෙල් ස්වල්පයයි.

ඔව් සීනි, ලුනු, බටර් කිසිම දෙයක් භාවිතා කරන්න අවශ්ය නෑ. 

මේ ප්රාමණවලින් අඟල් “2ක පමණ විෂ්කම්භය සහිත කුඩා පෑන් කේක් 15ක් පමණ සාදාගන්න පුළුවන්.

සාදාගත් ක්රමය:
සියලුම අමුද්රව්ය බ්ලෙන්ඩරයක් භාවිතයෙන් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු තෙල් චුට්ටක් තවරගෙන ලිහිසි කරගත්ත පෑන් එකකට මේස හැන්දක් භාවිතයෙන් කුඩා පෑන්කෙක් ලෙස රවුමට වත් කරගන්න. පියනකින් වසා විනාඩි දෙකක් පමණ පිසගෙන අනිත් පස හරවා එලෙසම පිසගන්න. කුරක්කන්, බිත්තර සහා කෙසෙල් පෝෂණය රැගත් සෞඛ්යමත් snack එකක් රස විඳින්න.

Scroll to Top