අද මන් ගෙනාවෙ පොල්කිරි භාවිතය අඩුකරන්න කැමති අයට සාදාගන්න පුළුවන් මිශ්‍ර වෑංජනයක්.
මේකට ඕනෑම එළවලුවක් හෝ අල වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඒත් මන් ගත්තෙ දඹල.
කුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන ලුනු, ගම්මිරිස්, කහ කුඩු, තුනපහා කුඩු, කුරුඳු පොතු කැබැල්ලක්, විනාකිරි ස්වල්පයක් දමා පැය භාගයක් පමණ මැරිනේට් කරගන්න.
දඹල, මාලු මිරිස් තරමක් ලොකු කැබලිවලට කපාගන්න. ලොකු ලූණු රවුම් හැඩයට කපාගන්න.
හොඳින් මැරිනේට් කරගත් කුකුල් මස් සුදු ළූණු, කරපිංචා සහා වතුර ස්වල්පයක් දමාගෙන තම්බාගන්න. කුකුල් මස් තැම්බුනු විට දඹල, මාලු මිරිස් සහා ලූණු එක් කරගෙන විනාඩි 5ක් පමණ පිසගන්න. ඉන්පසු උණුවෙන්ම රස බලන්න.
