සංග්රහ කෑම මේස ලස්සන කරන්න, පළතුරු කන්නෙ නැති පොඩ්ඩන්ට පළතුරු කවාගන්න එහෙම භාවිතා කරන්න පුළුවන් ලේසි, රස විදිහක් තමයි අද අත්හදා බැලුවෙ.
පේර ගෙඩියක් පෙති විදිහට කපලා එය නැවත හතරට කපාගෙන, පිළිගන්වන භාජනයේම කැමති හැඩයකට අසුරගන්න. පේර කැබලි හැන්දකින් පහසුවෙන් බෙදාගැනීමට හැකිවන පරිදි කැබලි අතර ප්රමාණවත් ඉඩ ප්රමාණයක් තබා අසුරගන්න.
ඉන්පසු තේ හැන්දකින් මී කිරි ස්වල්පයක් බැගින් පේර කැබලි මත තබා උඩින් සීරුවට පැනි ස්වල්පයක් වත් කරගන්න.
