Chicken mushroom stir fry

අවශ්ය ද්රව්ය:
•⁠ ⁠චිකන් 100g
•⁠ ⁠හතු 100g
•⁠ ⁠ළූණු කොළ (Spring onions)
•⁠ ⁠ලොකු ළූණු ගෙඩියක්
•⁠ ⁠සුදු ළූණු
•⁠ ⁠චිලි ෆ්ලේක්ස් (Chili flakes)
•⁠ ⁠පොල් තෙල්

සාදන ආකාරය:
1. මුලින්ම චිකන් ටික පොල් තෙල් ටිකක් දාලා හොඳින් තැම්බෙනකම් බැදගන්න. ඉන්පසු භාජනයෙන් ඉවත් කරන්න.
2. පසුව, සුදු ළූණු සහ ළූණු ටික භාජනයට දමා පොල් තෙල් ටිකක් සමඟ තෙම්පරාදු කරගන්න. ළූණු රන්වන් පැහැයට හැරෙන තෙක් බැදගන්න.
3. ඉන්පසු හතු එකතු කර හොඳින් තැම්බෙන තෙක් පිසගන්න.
4. බැදගත් චිකන්, ලුණු සහ චිලි ෆ්ලේක්ස් රස අනුව එකතු කර මිශ්ර කරන්න.
5. අවසානයට ළූණු කොළ ටික සරසා ගැනීමට එකතු කරන්න.

Scroll to Top