Mashed කඩල කොත්තු

කඩල හැමදාම කන විදිහට නැතුව වෙනස් විදිහකට හදාගන්න ක්රමයක් තමයි අද අරන් ආවෙ. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගන්න. මන් නම් පොඩි වංගෙඩියක් භාවිතා කරලා කොටා ගත්තා ලේසි වෙන්න. ඊටපස්සෙ තෙල් ටිකක් දාලා, කැමති එළවලු දාලා, බිත්තරයකුත් දාලා fried rice හදන ක්රමේට තෙම්පරාදු කරගන්න. මන් භාවිතා කළේ වට්ටක්කා, තක්කාලි, මාලු මිරිස් සහා ලොකු ළූණු. ඒකට දාන්න කොළ ජාතියක් ඒ වෙලේ නොතිබුනු නිසා සලාද කොළ දෙකක් වෙනම පැත්තකින් තියාගත්තා දවසේ පලා කෝටා එක සම්පූර්ණ කරගන්න.

Scroll to Top