කොස් මැල්ලුම් කියන්නෙ හුඟක් අය කන්න ආස කෑමක් නෙ. හැබැයි ඉතින් පෝෂණ ගුණය බැලුවොත් අනිත් මැල්ලුම්වලට වඩා ගොඩක් පිටුපසින් තියෙන, කැලරි අධික කෑමක්. ඉතින් මේ උත්සාහ කරලා තියෙන්නෙ ඒ අඩුපාඩු අඩු කරන්න.
මහා අමුතු දෙයක් කරලා නෑ… කොස් මැල්ලුම් වෙනදා හදන විදිහටම හදලා ලිපෙන් බාන්න විනාඩියකට විතර කළින් කතුරුමුරුංගා කොළ අහුරක් දාලා මිශ්ර කරලා තියෙන්නෙ …. මේකට මුරුංගා කොළ භාවිත කළා නම් ඒවා සුමුදු නිසා රසේ, පෙනුමේ වෙනසක් නැතුවම පෝෂණ ගුණය වැඩි කරගන්න පුළුවන් ලේසියෙන්ම… අනිත් දවසෙ කොස් මැල්ලුම් හදද්දී ට්රයි කරලා බලන්න
