මෙනේරි Breakfast Bowl

අවශ්‍ය ද්‍රව්‍ය:

මෙනේරි කෝප්ප 1/2
වතුර කෝප්ප 1 1/2
දියර එල කිරි කෝප්ප 1/2
පලතුරු කැබලි කෝප්ප ½
බැදපු රටකජු ස්වල්පයක්
පැණි (අවශ්යනම් පමණක්)
 
සාදන ක්‍රමය:
මුලින්ම මෙන්රි හොදින් සෝදලා පැය භාගයක් විතර පොඟවා ගන්න. පොගවන්නේ නැතිව වුනත් මෙනේරි හදාගන්න පුළුවන්. නමුත් පෙගවීමෙන් පෝෂ්ය ගුණය වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා මෙනේරි උයන්න කලින් අඩුම පැය බාගයක්වත් පෙගෙන්න තියන්න. ඊටපස්සේ වතුර එකතු කරල විනාඩි 10-15ක් පමණ තම්බාගන්න. මෙනේරි හොදට තැම්බුනාට පස්සේ එළකිරි එකතු කරලා මද ගින්නේ විනාඩි 5ක් පමණ හැඳි ගා ගන්න. ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න. මෙනේරි ටික නිවෙනකන් ගෙදර තියෙන පලතුරු කැබලි වලට කපා ගන්න. ඉතින් දැන් තියෙන්නේ මෙනේරි ටික bowl එකකට දාලා ඊට උඩින් පලතුරු ටික තියාගන්න. රටකජු ටිකත් උඩින් ඉසගන්න. මෙනේරි පලතුරු එක්ක මිශ්ර වෙලා කනකොට පැණි රස හොදටම ඇති පැණි ඕනත් නැ. Weight loss කරන අයට උදේට කන්න පුළුවන් ලේසි diet එකක් තමයි meneri breakfast bowl.
Scroll to Top