High protien breakfast අද අපි අරගෙන ආවේ High protien breakfast එකක්. වැඩි වැඩ නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන්. හදා ගන්නේ මෙහෙමයි. රත්වුණු පොල්තෙල් ටිකකට පොඩියට කපාගත් සුදුලූණු ,රටලූනු ටිකක් දාලා හොඳින් සුවඳ එනකොට බිත්තරයක් කඩලා දාලා හොඳින් තෙම්පරාදු කරගන්න. ඊටපස්සේ කූනිස්සන්, උම්බලකඩ හා කුඩාවට කපාගත් නිවිති කොළ එකතු කරන්න. මද වේලාවකින් තම්බපු කඩල ටික එකතු කරගන්න. හදලා රස බලන්න.