උදේට ඉක්මනට ලොක්කො පොඩ්ඩො හැමෝම කන්න කැමති කෑමක් හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය:
වට්ටක්කා
වට්ටක්කා
බණ්ඩක්කා කරල් කිහිපයක්
ගා ගත් පොල් ස්වල්පයක්
තම්බාගත් මාළු
ලූණු
සුදු ලූණු
සාදන ක්‍රමය:
පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. වට්ටක්කා සාමාන්යයෙන් කුඩා ප්රමාණයට කපා ගන්න. බණ්ඩක්කා කරල් ටිකත්, රවුමට කපාගන්න. පෑන් එකකට වතුර ස්වල්පයක් දාල වට්ටක්කා ටික ලාවට තම්බ ගන්න ( බෙරි කර ගන්න එපා). තැම්බීගෙන එනකොට කපාගත් බණ්ඩක්කා ටික දාගෙන කලවං කර ගන්න ( බණ්ඩක්කා එකතු කරනකොට pan එකේ වතුර ගතිය අඩුවෙන් තියා ගන්න) . ඒ අතරතුර අර ගාගත්ත පොල් ටික ලූණු, සුදු ලූණු ටිකත් එක්ක පොඩි වංගෙඩියක කොටා ගන්න. දැන් තියෙන්නෙ මේ ටික බණ්ඩක්කා වට්ටක්කා මිශ්රණයට දාගන්න. ඒ එක්කම කලිං තම්බ ගත්ත මාළු ටික මික්ස් කර ගන්න. මිශ්රණය මද රස්නෙන් ටික වෙලාවක් ලිපේ තියල බාගන්න. මේක full meal එකක් හරි වෑංජනයක් හරි පිරවුමක් හරි කැමති විදිහට පාවිච්චි කරන්න පුලුවන්.
මේකට බණ්ඩක්කා වෙනුවට දඹළ, මෑ කරල්, බෝංචි, තිබ්බටු වගේ ඕනෙම එළවලුවක් එකතු කර ගන්න පුළුවන්. මාළු වෙනුවට කැමති මස් වර්ගයක්, කූනිස්සො, බැදපු හාල්මැස්සො, කරවල උනත් එකතු කර ගන්න පුලුවං. තෙල් දාන්න නං අවශ්ය උනේ නෑ. ලුණු ඉතා ස්වල්යක් අවශ්ය නං දාගන්න. හාල්මැස්සො, කරවල වගේ දැම්මොත් ඒකත් ඕනි නැතිවෙයි.