සාමාන්යයෙන් කිරිබත් කන්න හදන ලුණු මිරිස වෙනුවට පෝෂණීය වෙනසක්. මේක ඉතින් ඇත්තටම බත්, ආප්ප, ඉදි ආප්ප, රොටි ඕන එකක් එක්ක කන්න පුළුවන්.
අවශ්ය ද්රව්ය:
1. ඕනෑම කටු අඩු මාලු වර්ගයක්
2. කැරට්
3. ගෝවා
4. මාලු මිරිස්
5. ලොකු ලූණු
6. රස කාරක විදිහට ලුනු, කහ, සුදු ළූණු, කරපිංචා, කෑලි මිරිස් ස්වල්පයක්
7. පොල් තෙල් ස්වල්පයක්
සාදන ක්රමය:
මාළු ලොකු කටු ඉවත් කරගෙන අඟල් භාගෙක වැනි කුඩා කැබලිවලට කපාගෙන ලුනු, කහා, කෑලි මිරිස් අතගා මද වෙලාවක් පසෙකින් තබාගන්න. ඒ අතරතුර කැරට්, ගෝවා, මාලු මිරිස් සිහින් කැබලිවලට කපාගන්න. ලොකු ළූණු ලියාගන්න.
දැන් පෑන් එකකට තෙල් චුට්ටක් ගෙන ඒදාගත් මාලු දමා බැදගන්න. මාලු බැදුනු පසු සුදු ළූණු, කර පිංචා එකතු කර ඒවා බැදීගෙන එන විට ලියාගත් ලූණු එක් කරගන්න. ලුමු මදක් බැදුනු පසු අනෙක් එළවලු, කෑලි මිරිස් සහා ලුණු කුඩුත් සමඟ මිශ්ර කර එක් කරගෙන ඒවායෙ පැහැය සහා වයනය රැකෙන සේ විනාඩියක් පමණ බැදගන්න.
මේක ඇත්තටම අර සැමන් (ටින් මාලු) තෙල් දානවා වගේ… ඒත් සැමන් කියන්නෙ කෘතිම කල් තියාගන්න ද්රව්ය දාපු අසෞඛ්යමත් ආහාරයක්නෙ… වෙළෙඳ පොලේ ලාභෙට තියෙන ලින්නා වැනි මාලු වර්ගයක් දාලා හැදුවත් රසට එනවා. හදලා කාලා බලන්නකො.
