අද අරන් ආවෙ මන් picnic එකකට හදපු snack එකක්… ඔව් මේ වගේ ඒවත් picnic ගෙනියන්න පුළුවන්.
කළින් දින රෑ පෙඟෙන්න තියපු කඩල තම්බා ගන්න. කුකුල් මස් කුඩා කැබලිවලට කපාගෙන කහා, ලුනු, සුදු ළූණු, කෑලි මිරිස්, විනාකිරි ස්වල්පයක් එක් කර හොඳින් මිශ්ර කරගෙන විනාඩි විස්සක් පමණ පසෙකින් තබන්න.. කඩල තැම්බෙනකම් මස් ටික ඒදගෙන එළවලු ලෑස්ති කරගන්න පුළුවන් නිසා මේක හදන්න පේන තරම් වෙලා යන්නෙ නෑ…
කැරට් සහා බෝංචි අතින් ගෙන කන්න පුළුවන් තරමෙ ගොඩක් ලොකු නැති කැබලිවලට කපා ගන්න… දැන් පසෙකිම් තැබූ මස් ටික ගෙන වතුර ඉතා ස්වල්පයක් දමා තම්බාගන්න… මස් තැම්බුණු පසු එයටම බෝංචි කැබලිත් එක් කරගෙන විනාඩියක් පමණ පැහැය වෙනස් නොවෙන ලෙස ස්ටොක් එකෙන්ම තම්බාගන්න.
දැන් pan එකකට තෙල් චුට්ටක් දමා කුඩාවට කපාගත් සුදු ළූණු ස්වල්පයක් බැදගන්න… එයට කඩල සහා කැරට් එක් කරගෙන, ලුණු ස්වල්පයක් සහා කෑලි මිරිස් ස්වල්පයකුත් එක් කර විනාඩියක් පමණ මද ගින්නෙ හොඳින් මිශ්ර කරගන්න… දැන් වතුර ඉවත් කරගත් මස් සහා බෝංචිත් එකතු කර ලිප උඩම මද ගින්නේ මිශ්ර කරගන්න. ලිප වසා පෑන් එක පියනකින් වසා රස උරාගන්න ලිප උඩම මද වෙලාවක් තබන්න. උණුසුම රැඳෙන භාජනයක අසුරාගෙන picnic එකකට අරන් යන්න වගේම රෑට කන්න හදන්නත් මරු… හදලා කාලා බලන්න
