Petite Rainbow Chopsuey

ඉතින් දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය තමන්ගේ සිරුර ගැන හිතනවා… බර පොඩ්ඩක් වැඩි වුණ ගමන් බර අඩු කර ගන්න කියලා ලෝකේ නැති ෆාස්ටින් පටන් ගන්නවා… ඉතිම් ඒ වෙනුවට හොඳට කාලා සැහැල්ලුවෙන් ඉන්න කැමති ඔයාටයි මේ රෙසිපි එක… ඉතින් මේකට අපිට ඕනේ වෙන්නේ එළවළු… ඔන්න ඉතින්, එළවළු කිව්ව ගමන් ආයේ මූණ ඇඹුල් වෙලා… එළවළු හැමදාම තම්බල ම කාලා එපා වෙලා ඉන්න අයට එක ම රසට එළවළු කාපු කාලේ ඉවර කරලා ආසාවෙන් එළවළු කන එක පටන් ගන්න අපි රෙසිපි එකට ගිහින් බලමු…

අවශ්ය ද්රව්ය:
වට්ටක්කා
ගෝවා
කැරට්
නිවිති ( එකතු කර ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි… ඇගේ ලේ වඩවන හොඳ කෑමක් )
ලුණු
ගම්මිරිස්
ලොකු ළූණු ගෙඩියක් ( මේ වෙනුවට රතුළූණු භාවිතා කරන්න පුලුවන් නම් තවත් හොඳයි )
සුදු ළූණු බික් කිහිපයක්
බිත්තරයක්

සාදා ගන්නා ආකාරය:
එළවළු ටික හොඳින් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න… වෙනදා එළවළු තම්බද්දි කපනවට වඩා ටිකක් කුඩා වෙන්න කපා ගන්න… වට්ටක්කා සහ කැරට් මුලින් තම්බගන්න… වට්ටක්කා ගනිද්දි මතක් කරලා පොත්ත ඉතුරු වෙන්න ගන්න… වට්ටක්කාවල ගොඩක් පෝෂක තියෙන්නේ මේ කොළ පාට පොත්ත කොටසේ… ඒ ටික තම්බා ගැනීමෙන් අනතුරු ව ගෝවා කොළ ටික විනාඩියක් දෙකක් විතර තම්බා ගෙන නිවිති ටික අන්තිමට ම තප්පර 30 ක වගේ කාලයක් තම්බා ගන්න… මොකද අපේ එළවළු ටිකේ පෝෂ්ය පදාර්ථ අපි පුලුවන් තරම් රැකගෙන කන්න ඕනේනේ… හරි, දැන් ඔයාලා බේසික් ස්ටෙප් එක ඉවරයි…

ඊට පස්සේ සුදුළූණු බික් කිහිපය හා ළූණු ගෙඩිය කුඩා කැබලි වලට කපා ගන්න… ඊට පස්සේ ඔයාට අර එළවළු තම්බාගත් භාජනේ ම හෝ වෙන පෑන් එකක් අරගෙන ඒකට පොල්තෙල් ස්වල්පයක් දාලා සුදුළූණු ටික එක් කර ගන්න පුලුවන්… සුදුළූණුවල බැදෙන සුවඳ පොඩ්ඩක් පැතිරෙද්දි ළූණු ටිකත් එක් කර ගන්න… ඒ අතර ලුණු සහ ගම්මිරිස් අවශ්ය ප්රමාණයට එකතු කර ගන්න… තව චුට්ට වෙලාවක් ඒ දෙක මිශ්ර කරලා අපි තම්බ ගත්ත එළවළු ටිකත් ඒකට එකතු කරලා විනාඩියක් විතර පිස ගන්න… රස ගුණ වැඩි කරගන්න අන්තිමට බිත්තරයක් එකතු කර ගත්තා… ( ඔයාලා කැමති නම් චිකන් ටිකක් වුණත් එකතු කර ගන්න පුලුවන් ) බිත්තරේ හොඳට මික්ස් වුණාට පස්සේ ලිප ඕෆ් කරලා පියන වහලා තියන්න… ඒ තියෙන රස්නේ ඇති ඉතිරි ටික තැම්බිලා හැමදේම හොඳින් අවශෝෂණය වෙලා අවසානයේ හොඳ රසක් දෙන්න…

ඉතිම් මේක හොස්ටල් එකේ විනාඩි 30 කට අඩු කාලයකින් හදා ගන්න පුලුවන් සමබල ආහාර වේලක්… අනික වර්ණ විවිධත්වය… “Eat a rainbow” තව පාට ටිකයි අඩු… ඉතින් ඒ අඩුපාඩුව ඔයා කැමති එළවළු පාවිච්චි කරලා සම්පූර්ණ කර ගන්න පුලුවන්… මෙච්චර දවස් එළවළු තම්බන පියවර වෙනකල් ආව කෙනෙක් නම් ඔයාට, මේ පියවර තියන එකත් පොඩ්ඩක්වත් අමාරු නෑහ්… හිතලා බලන්න කෑම එකක් හදා ගන්න එක අමාරුයි කියලා හොස්ටල් බෝඩිම් වල කඩෙන් කන අයට විනාඩි 30 ක් වැය කරලා මේක හදන් කන එක කොච්චර ලේසි ද කියලා… බඩගිනි වුණා කියලා කෑම එක එනකල් බලන් ඉන්න ඕනෙත් නෑහ්… හිතෙන වෙලාවට හදාගත්තා… කෑවා… ඉතින් හරි ම සරලයි… පහසුයි…
Scroll to Top