අදත් අපි අරන් එන්නේ වෛද්‍ය දුලානි ගමගේ ගෙ මෙනේරි රෙසිපියක්. එතුමියගේ ශ්‍රී ලාංකිකයින්ට අමතකව ගිය දේශීය ධාන්‍ය වර්ගයක් ප්‍රවර්ධන වෑයමට උදව්වක් විදිහට…
මේ රෙසිපි එක දෙදෙනෙක් සදහා helthy මෙනේරි සැලඩ් එකක් සෑදීමට ප්‍රමාණවත්.
අවශ්‍ය ද්‍රව්‍ය:
මෙනේරි කෝප්ප 1
වතුර කෝප්ප 2
බී ලුණු ගෙඩි 1
තක්කාලි ගෙඩි 1
පිපිඤඤා(සුදු හෝ කොළ)ගෙඩි 1/2
අලිපේර ගෙඩි 1/2
මාළු මිරිස් කරල් 1
තම්බා ගත් බිත්තර 1
තම්බා ගත් කුකුල් මස් කෝප්ප 1
කබලේ බැද ගත් රට කජු මේස හැඳි 1
දෙහි ගෙඩි 1/2 ක යුෂ
ලුණු, ගම්මිරිස් රස අනුව
සාදාගන්න ආකාරය:
මුලින් මෙන්රි හොදින් සෝදලා පැය භාගයක් පමණ පොඟවා ගන්න. ඉන්පසු වතුර කෝප්ප බාගයක් එකතු කර විනාඩි 10-15ක් පමණ මෙනේරි තම්බා ගන්න. අපි සලාදයකට ගන්න නිසා මෙනේරි බෙරි කරගන්න එපා. මෙනේරි ඇටය තම්බුන ගමන් ලිපෙන් බාගෙන වැඩි වතුර පෙරා ගෙන මෙනේරි ටික නිවෙන්න දෙන්න. මේක සැලඩ් එකක් නිසා විවිධ වර්ණ වලින් එළවලු එකතු කරගැනීමෙන් ඇසට ප්‍රියජනක, කන්න ආස හිතෙන ගතිය විතරක් නෙවෙයි පෝෂණයත් ගොඩක් වැඩි වෙනවා. ඉතින් මම රතු පාටින් ගත්ත තක්කාලි, කොළ පාටින් මාළු මිරිස්, දම් පාටින් ළූණු. මගේ ලග දම් ගෝව තිබුනේ නෑ. ඔයාලා ලග තියෙනවනම් එකතු කරගන්න පුළුවන් රේන්බෝ සැලඩ් එකක් වෙන්න. හොඳ මේදය එකතු කරගන්න මන් අලිපේර ගත්ත. මේ ඔක්කොම කොටු හැඩයට තමයි කපා ගත්තේ. ප්‍රෝටීන් වලට මම තම්බපු බිත්තර හා තම්බපු කුකුල්මස් කැබලි කපාගෙන එකතු කලා. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් චිකන්, බිත්තර නැතිව වුනත් මේ සැලඩ් එක හරිම රසයි. ප්‍රෝටීන් විදියට එ වෙනුවට ඔයාට ටෝෆු එකතු කරගන්න පුළුවන්. ඊළගට මම රටකජු කුඩා කැබලි වලට කපාගත්තා.
කැමති නම් කජු වුනත් යොදාගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අපි කලින් තම්බා ගත්ත මෙනේරි එක්ක එකතු කරගෙන කවලම් කරගෙන, දෙහි යුෂ හා රස අනුව ලුණු හා ගම්මිරිස් එකතු කරගත්තම අපේ salad එක ready. ඔයාට මේ සැලඩ් එක උදේ කෑමට හෝ රැ කෑමට ගන්න පුළුවන්. ඒ වගේම මේ සැලඩ් එක හදලා fridge එකේ දවසක් දෙකක්, freezer එකේ නම් සති දෙකක් වුනත් තියාගන්න පුළුවන්. එතකොට උදේට වැඩට යනගමන් අරන් ගිහින් කන්නත් පුළුවන්. හරිම ලේසියි, ගුණදායකයි, බර අඩු කරගන්න ඕනේ අයට නම් ලේසිම රෙසිපි එකක්. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේ healhy meneri salad එක.
