බිත්තර කියන්නෙ ලේසියෙන් හදාගන්න පුළුවන් පෝෂණය සපිරුණු සුපිරිම ආහාරයක්නෙ. ශ්රී ලංකාවේ ආහාර රටාව පිළිබඳ සෞඛ්ය අමාත්යාංශයේ නිර්දේශ රැගත් #FBDG උපදෙස් මාලාවට අනුව නිරෝගී වැඩිහිටියන් සහා දරුවන් හැමෝටම දිනකට බිත්තරයක් ආහාරයට ගන්න කියන්නෙ ඒ දවසේ ප්රෝටීන් අවශ්යතාව සැපිරීමට තියෙන ලේසිම සහා ලාභම ක්රමය නිසයි.
Scrambled eggs කියන්නෙ බිත්තර ලේසියෙන්ම හදන්න පුළුවන් ක්රමයක්නෙ. විනාඩි 5ක් වත් යන්නෙ නෑ. ඉතින් මේ තියෙන්නෙ තක්කාලි ගෙඩියකින් භාගයක්, ලොකු ළූණු ගෙඩියකින් භාගයක් සහා ගෙදර නිවිති වැලෙන් කොළ තුනක් දාලා විටමින්, ඛනිජ ලවණ සහා ප්රතිඔක්සිකාරක ප්රමාණය අධිකව වැඩිකරගත්ත scrambled egg එකක්.
හදාගන්න හරි ලේසියි….වැඩිපුර විනාඩි 5ක් යයි උපරිමව…. පොල් තෙල් තේ හැන්දක් පමණ පෑන් එකට දමාගෙන රත්වීගෙන එද්දි සිහින්ව කපාගත් සුදු ළූණු බික් දෙකක් දමාගන්න. සුදු ළූණු බැදීගෙන එන විට කුඩාවට කපාගත් ලොකු ළූණුත්, මද වෙලාවකින් බිත්තරයත් දමා scramble කරගන්න. බිත්තරය පිසීගෙන එන විට කුඩාවට කපාගත් තක්කාලි, සිහින්ව ලියාගත් නිවිති, ලුණු ඇබින්දක් සහා කෑලි මිරිස් ස්වල්පයක් දමා ඒවායෙ පැහැය වෙනස් නොවන සේ මදක් පිසගන්න.
මෙය බත්, පාන් සමඟ මෙන්ම කෑලි මිරිස් ප්රමාණය වැඩිකර රොටී, ආප්ප සමඟ වුවත් ආහාරයට ගන්න පුළුවන්
