චිකන්, පතෝල සහ අල සැලඩ්

ඔන්න අද අපි අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්, සෞඛ්යදායක පතෝල Salad එකක්. පතෝල කියන්නේ තන්තු බහුල, පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන්, ශරීරයට ගොඩක් හොඳ එළවළුවක්. විශේෂයෙන්ම බර පාලනය කරන අයටත්, සැහැල්ලු ආහාරයක් ලෙසත් මේ salad එක හරිම හොඳයි.
 
අවශ්ය ද්රව්ය:
 
පතෝල – කරල් භාගයක්
අල – 1 ගෙඩියක්
කුකුළු මස් – 75g පමණ
බිත්තර – 1
Salad dressing සඳහා
මීකිරි – මේස හැදි 2 ක්
මාළු මිරිස් – කරල් 1/4ක්
ලූනු – ගෙඩි 1/4ක්
දෙහි (Lime) – රසට
ලුණු – රසට
ගම්මිරිස් – රසට
 
  • මුලින්ම පතෝල සිහින් කැබලිව කපාගන්න.
  • ඊළඟට අල තම්බාගෙන, කුඩා කැබලිව කපාගන්න. කුකුළු මස් හොඳට පිසගන්න.
  • බිත්තරය තම්බාගෙන කපාගන්න.
  • දැන් සියලු කපාගත් ද්රව්ය එක bowl එකකට දාගන්න.
  • වෙනම මීකිරි, දෙහි, ලූණු, මාළු මිරිස්, ලුණු සහ ගම්මිරිස් මිශ්ර කර salad dressing එක සූදානම් කරගන්න.
  • අවසානයේ dressing එක salad එකට එකතු කර හොඳට කලවම් කරගෙන පිළිගන්වන්න
 
Scroll to Top