Cabbage Rolls

අද අපි කතා කරන්න හිතුවෙ හැඩට ඉන්න කැමති ඔබ සඳහාම සුවිශේෂී low calorie recipe එකක් ගැන. Cabbage rolls කියන්නේ බටහිර ලෝකයේ වගේම චීන ආහාර සංස්කෘතියේත් හමුවන ඉතාම පහසුවෙන් සාදාගත හැකි රසවත් පෝෂදායී ආහාරයක්. තමන් කැමති විදිහේ පිරවුමක් සමග රස විදින්න පුලුවන් carbohydrates (පිටි) ඉතාම අඩුවෙන් අඩංගු මෙය විනාඩි 20ක් වගේ කෙටි කාලයකින් සාදා ගත හැක. සම්පූර්ණ ආහාරයක් විදිහට බඩ පිරෙන්න සහා රස සහා ගුණ තවත් වැඩි කරගැනීමට මම බොහෝ විට egg drop soup එකක් හදාගන්නවා මේ සමඟ. හෙට ඒකෙ රෙසිපිය කියන්නම්.

අද මෙම recipe එකේ පිරවුමට මම යොදා ගත්තේ protein බහුල chicken සහ vitamin A සහ අනිකුත් විටමින්ද බහුල වට්ටක්කා පිරවුමක්. විටමින් K, C සහා තන්තු බහුල ගෝවා කොළෙන් ලැබෙන පෝෂණයත් අමතක කරන්න එපා. 

අවශ්ය ද්රව්ය:
1. ගෝවා
2. වට්ටක්කා
3. චිකන්

සාදාගන්නා ආකාරය:

මුලින්ම චිකන් සහ වට්ටක්කා හොඳින් තම්බා ගන්න. ඉන් පසු චිකන් කුඩා කැබලි වලට කපා ගෙන එය තම්බාගත් වට්ටක්කා පොඩි කරගෙන එයට මිශ්ර කරගන්න. අවශ්යතාවට අනුව ලුණු , ගම්මිරිස් එකතු කරගන්න.
ඉන් පසු ගෝවා කොළ කිහිපයක් නොකැඩෙන ලෙස ගලවාගන විනාඩි 3ක් පමණ තම්බා ගන්න. (ගෝවා ගෙඩියේ එලියෙන්ම තියන ලොකු කොළ භාවිතා කලොත් පහසුවෙන් ඔතා ගත හැක). ඔබ රයිස් කුකරයක පිසිනවා නම් අනිත්වා තැම්බෙන තුරු ස්ටීමරය භාවිතයෙන් ගෝවා කොළ steam කරගන්නත් පුළුවන්.

සාදා ගත් මිශ්රණයෙන් කොටසක් තම්බාගත් ගෝවා කොළය මත තබා මිශ්රණය එලියට නොයන ලෙස roll එකක් ඔතා ගන්නා ආකාරයෙන් තදින් ඔතා ගන්න. (තම්බාගත් ගෝවා කොළ නිවෙන්න පෙර ඔතා ගත්තොත් පහසුවෙන්ම නොගැලවෙන ලෙස ඔතා ගත හැක)

මෙය ප්රධාන වේල් අතර අමතර ආහාරයක් ලෙස වුවත් කදිමය. උණුවෙන්ම පිළිගැන්වුවොත් වඩා රසය.
Scroll to Top