Egg Drop Soup

අද අපි ලේසියෙන්ම egg drop soup එක හදාගන්න විදිය අරගෙන ආව.

Egg drop soup කියන්නේ තවත් චීනේ ප්රචලිත විශේෂයෙන්ම රෝග වලින් සුවය ලබන පිරිසට දෙන පහසුවෙන් ජීර්ණය කල හැකි ප්රොටීන් බහුල soup එකක්. එය බොහෝ විට සාදන්නේ සරල soup base එකක් මත ක්රමානුකූලව බිත්තර එකතු කරගනිමින්. Soup එක මත මෙලෙක් බිත්තර පාවෙන නිසා මෙයට egg flower soup කියලත් සමහර පලාත් වල හදුන්වනු ලබනව. බිත්තර රසය හරි අපූරුවට ඉස්මතු වී එන නිසා බිත්තර රසයට කමති ඔයාලත් මේ recipe එක try කරල බලන්න අමතක කරන්න එපා. අතීතයේ රෝගීන්ට විශේෂිත අහාරයක් උනත්, අද මෙය comfort food එකක් විඩියට ලොකු පොඩි බොහෝ දෙනා අතර ජනප්රියයි.

අවශ්ය ද්රව්ය (තනි පුද්ගලයෙකුට):

මධ්යම ප්රමාණයේ අල ගෙඩියක්
කුකුළු මස් 100g පමණ
ගෝවා කොළ 2 – 3 ක්
බිත්තර 2ක්

සාදා ගන්නා ආකාරය:

මුලින්ම චිකන් පොඩියට කපාගෙන ලුණු, ගම්මිරිස් අවශ්ය ප්රමාණට දමා, වතුර කෝප්ප 2ක පමණ තම්බාගන්න.
විනාඩි 10ක් පමණ තැම්බුනු පසුව සිහින්ව ලියා ගත් ගෝවා, grate කරගත් අල එකතු කරගන්න.
මේ සියල්ලම තව විනාඩි 5ක් පමණ පිසගන්න.

දැන් බිත්තර දෙක හොදින් ගසා ගන්න. Soup එක ලිපේ තියෙද්දීම පොඩි හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ බිත්තර ටික soup එකට වත් කරගෙන එකතු කරගන්න. තවත් විනඩි 5ක් පමණ ලිපේ තබා උණුවෙන් රස බලන්න.
Scroll to Top