snack එකක් කිව්වම ගොඩක් අය පැණි රස අධික, සැකරින් දාපු, කෘතිම වර්ණක දාපු කඩෙන් අරගත්ත කෑම තමයි ආහාරයට ගන්නෙ. හැබැයි වෙනසකටත් එක්ක පලතුරුවලින් හදන ජෙලි එකක් ට්රයි කරල බලන්නකෝ.
පොඩිවට කපාගත්, තරමක කොමඩු ගෙඩියකින් භාගයයි, පොඩිවට කපාගත් කෙසෙල් ගෙඩි හතරක් පමණ, non-fat milk පලතුරු වැසෙන ප්රමාණයට, දියකර ගත්තු ජෙලටින් මේස හැඳි දෙකක් තමයි මේ සඳහා ඕන වෙන්නේ. දැන් මේ ඔක්කොම ටික බ්ලෙන්ඩර් එකකට දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පැය 6- 8 ක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න පුළුවන්.
