කුණිසි-කතුරු තෙම්පරාදු

තෙල් තේ හැන්දක ප්රමාණය තාච්චියකට දමා එය රත්වීගෙන එන විට සිහින්ව කපාගත් සුදුලූණු බික් දෙකක්, අබ සහ සූදුරු තේ හැඳි කාල බැගින් එකතු කරන්න.

හොඳ සුවඳක් එද්දී සෝදාගත් කූනිස්සන් ටික තෙලට එකතු කරන්න. විනාඩි පහක් පමණ කූනිස්සන් තෙලෙන් මැලවෙන්නට හරින්න. අමුතුනපහ සහ කහ කුඩු තේ හැඳි කාල බැගින් එකතු කරන්න.

දැන් කතුරුමුරුංගා කොළ මිටක් එකතු කරන්න. විනාඩි දෙකකින් පසුව ලිපෙන් බාගන්න අවශ්ය ප්රමාණයට ලුණු එකතු කරන්න.

බත් එක්ක වගේම රොටී එක්කත් කන්න පුළුවන් ගුණදායී රස කෑමක්.
Scroll to Top