බිම්මල්, කූනිස්සො,කතුරුමුරුංගා තෙම්පරාදුව අවශ්ය ද්රව්යබිම්මල් පැකට් එකක්කතුරුමුරුංගා කොල (ඇති පමණ)කූනිස්සො (මේස හැදි 2 ක් පමණ)රතු ලූනු ගෙඩියක්බිම්මල් සිහින් තීරු වලට කඩාගන්න. තෙල් ස්වල්පයක් පෑන් එකකට දමා රත් වෙන කොට සිහින්ව කපාගත් ලූනු, කරපිංචා එකතු කරලා, කඩාගත් බිම්මල් ටිකත් එකතු කරලා වසා තියන්න. විනාඩි පහකට පසු කූනිස්සො ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. අවසානෙට කතුරුමුරුංගා කොල එකතු කරගෙන නැවත විනාඩියකින් ලිපෙන් බාගන්න.