ඉදි ආප්ප – green fry මන් වෙනදත් හදන ඉදිආප්ප ෆ්රයි එක කොළ පාට ජාති විතරක් දාල…භාජනයකට තෙල් චුට්ටක් දාලා රත්වේගෙන එද්දි ලියාගත්ත සුදු ළූණු, කරපිංචා එක් කළා. ඒවා බැදීගෙන එද්දි හීනියට ලියාගත් ලොකු ළූණු, දඹල සහා පතෝලත්, කතුරුමුරුංගා කොළත් එක් කරගත්තා.ඉන්පසු එළවලු තැම්බීගෙන එන විට බිත්තරය ලුනු කුඩු සහා ගම්මිරිස් කුඩු ස්වල්පයක් සමඟ එක් කරගත්තා. බිත්තරය පිසුනු විට අතින් කඩාගත් රතු ඉදිආප්ප එකතු කළා.