කොත්තු කියලා කඩේ විකුණන එවා බහුතරයක් අසෞඛ්‍යමත් වෙන්නෙ ඒවාට එකතුකරන අමුද්‍රව්‍ය නිසා. ඒ නිසා විවිධ පිටි කෑමවලින් රස ගුණ පිරිලා තියෙන “ඉඩ්ලි කොත්තු” හදන්න try කරන එක මගේ විනෝදාංශයක්….
මේ @Jaffna Home Kitchen වලින් රෑට උත්සවේකට සංග්‍රහ කරන්න ඕඩර් කරපු ඉඩ්ලිවලින් මන් පහුවදා උදේට කන්න හදපු “ඉඩ්ලි කොත්තු”
යොදාගත් අමුද්‍රව්‍ය
1. ඉඩ්ලි සහා සාම්බාරු
2. තක්කාලි
3. මාළු මිරිස්
4. ලූණු, සුදු ළූණු, කරපිංචා
5. පොල්තෙල්, අබ, වියලි මිරිස් සහා කෑලි මිරිස්
1. ඊයෙ රෑ ඉතිරි වෙලා ශීතකරණයේ දාලා තිබුණ නිසා මන් ඉඩ්ලි මුලින්ම ශීත ගතිය යන්න විනාඩි 2 – 3ක් නැවත ස්ටීම් කළා. ඊටපස්සෙ අඟලෙ විතර ප්‍රමාණයේ කැබලිවලට කපාගත්තා.
2. මැටි ඇතිලියකට තෙල් චුට්ටක් දාගෙන රත් වේගෙන එද්දි සුදුළූණු, අබ, කඩාගත් වියලි මිරිස් සහා කරපිංචා එක් කරගෙන තෙම්පරාදු කරගත්තා…
3. එයට ඉතිරි සාම්බාරු හොද්දෙන් ටිකකුත් එක් කළේ පෝෂණය සහා රස ගැන දෙකම හිතලා…
4. තෙම්පරාදුව හොඳින් රත් වුනාම කපාගත් තක්කාලි, මාලු මිරිස් සහා ලොකු ළූණුත්, ඉඩ්ලිත් එකතු කරලා, විනාඩියක් පමණ පිසගෙන ලිපෙන් ඉවත් කරගත්තා..
අනිත් දවසෙ ඉඩ්ලි කද්දි ඔයාලත් හදලා බලන්න…. පාන් පිටි රොටි කොත්තුවලට වඩා ගොඩක් ඉදිරියෙන්… රස සහා සෞඛ්‍යමත් බව යන දෙකෙන්ම…
