කිරි අල සුප්

ගෙවත්තේ තිබ්බ කිරි අලයක් භාවිතා කරලා රෑ කෑම වේල විදිහට පිළියෙල කරපු කිරි අල සුප් එකක් ගැනයි අද විස්තරේ..

මුලින්ම කිරි අල 3ක් සුද්ද කරගෙන පොඩි කෑලි වලට කපා ගත්තා. ඒ වගේම වට්ටක්කා සහ මෑ කරල් තමයි එලවළු විදිහට එකතු කරගත්තේ..
ප්රෝටීන ප්රභවය විදිහට එකතු කරගත්තේ බිත්තර. ඒ වගේම මේදය එකතු කරගන්න වගේම කටට වෙනසකටත් එක්ක රටකජු අහුරකුත් එකතු කරගත්තා..

මේ අමුද්රව්ය ටික හොදින් තම්බ ගෙන අවශ්ය ප්රමාණයට ලුණු, ගම් මිරිස්, සුදු ලූණු එක් කරගන්නයි තියෙන්නේ..ඊට පස්සේ බ්ලෙන්ඩර් කරලා Creamy විදිහට සුප් එක පිලිගන්වන්න පුළුවන් 
Scroll to Top