මෑ ඇට තම්බාගෙන අතින් මදක් පොඩි කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දමා සිහින්ව කපාගත් ලූණු , සුදු ලූණු, තක්කාලි සහා පොඩි කරගත් මෑ ඇටත්, රස ගැන්වීම සඳලා ලුණු සහා ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් දාල මද ගින්දරේ තියන ගමන් හොදට ගසාගත්ත බිත්තර දෙකක් එකතු කරන්න. විනාඩි දෙකකින් විතර පොඩියට කපාගත් නිවිති කොළ ටිකක් එකතු කරල මද වෙලාවක් තම්බගෙන ලිපෙන් බාගන්න. Full meal එකක් හරි පෝෂණීය ඔම්ලට් එකක් හරි, විදිහට භාවිතා කරන්න පුලුවන්
