Creamy pasta හදනවා වගේ කව්පිත් රහට හදන්න පුළුවන්… මේකට ඕනැම එළවලුවක් ගන්න පුළුවන්. ආවේණිකවූ ප්රතිඔක්සිකාරක රාශියකින් අනූන දම් පාට එළවලු පළතුරු කෑමවලට එකතු කරගන්නෙ කලාතුරකින් නිසා මං ගත්තෙ දම් ගෝවා.
තම්බාගත් කව්පි, සාමාන්ය ප්රමාණයට ලියා ගත් ගෝවා එක්ක බිත්තරයක් මිශ්ර කරලා මද ගින්නේ පිසගන්න. රස ගන්වන්න ග්රේට් කරගත් සුදු ළූණු, ලුනු කුඩු සහා ගම් මිරිස් කුඩු අවශ්ය ප්රමාණයට දමාගන්න. ඉන්පසුව ලිප වසා fresh milk ටිකක් එකතු කරල රස්නෙන්ම කලවං කර ගන්න. එතකොට එන චීස් රසයත් එක්ක පොඩි අය මේ dish එකට ගොඩක් ආස උනා.
