කටු අනෝදා smoothie

තරමක කටු අනෝදා ගෙඩියකින් 1/4ක් පමණ ගෙන, ඇට ඉවත් කරගන්න. බ්ලෙන්ඩරයකට දමා කටු අනෝදා මදක් වැසෙන පරිදි වතුර ටිකක් එක් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පිළිගන්වන වීදුරුවට දමා පැනි තේ හැන්දක් පමණ උඩින් රටාවකට වත් කර පිළිගන්වන්න…

ඔව් සීනි, ලුණු මුකුත් අවශ්ය නෑ. මේ සෞඛ්යමත් පානය ඒවා දාලා විනාස කරගන්නෙ මොකෝ… ඒවා එකතු නොකර පළතුරුවල ස්වභාවික රස විඳලා බලන්නකො..

Scroll to Top