උදේට කන්න මුං ඇට තම්බපු දවසට බබාලට හදලා දෙන්න පුළුවන් snack එකක් තමයි අරන් ආවෙ. හොස්ටල් එකේ, බෝඩිමේ අඩු මහන්සියකින් වෙනස් කෑම හදන්න කැමති අයට උදේ ආහාර වේලක් විදිහටත් හොඳයි… හදාගන්න හරිම ලේසියි.
බිත්තරයක් අරන් ලුණු සහා ගම්මිරිස් කුඩු ටිකක් දාලා ගෑරුප්පුවකින් පොඩ්ඩක් බීට් කරගන්න. තම්බපු මුං ඇට මිටක් හැන්දකින් පොඩි කරගන්න. ඉන්පසු අර බීට් කරපු බිත්තරය දමලා හොඳින් මිශ්ර කරගන්න. මිශ්රණය ගලා නොයන, ඝනකම් තත්වයේ තිබිය යුතුය. දියර ගතිය වැඩි නම් තව තම්බා පොඩි කරගත් මුං ඇට ස්වල්පයක් එක් කරන්න.
පෑන් එකට පොල් තෙල් චුට්ටක් තවරගෙන පෑන් එකේ මැදට තරමක් ඝනකම් වන ලෙස මිශ්රණය දමා පියනකින් වසා තම්බාගන්න (මෙහිදී තෙල් භාවිතා කරන්නෙ මද වශයෙන් නිසා ඇත්තටම බැදෙනවාට වඩා පෑන් එකේ රස්නෙන් තැම්බෙන එක තමයි සිද්ද වෙන්නෙ). පතුල හොඳින් ඉදුණු පසු අනෙක් පසත් හරවා එලෙසම පියනකින් වසා තම්බාගන්න.
ඉන්පසු මෙලෙස අතින් ගෙන කන්න පුළුවන් විදිහට තීරු කපා පිළිගන්වන්න.
