කව්පි-fish fry

කළින් ගෙනාපු කව්පි රෙසිපිය බිත්තර දාලා හදපු එකක්නෙ. මේ ඒ විදිහටම මාලු දාලා.

කුඩාවට කපපු මාලු මුලින් ලුණු, කහා සහා කෑලි මිරිස් ටිකක් අතගා පසෙකින් තියන්න.

ඒ අතරතුර කැමති එළවලුවක් හීනියට ලියා පිළියෙල කරගන්න. මන් දාලා තියෙන්නෙ දඹල, ගෝවා සහා තක්කාලි.

මුලින්ම pan එකට පොල්තෙල් ටිකක් ගෙන ඒදාගත් මාලු කැබලි බැදගන්න. ඉන්පසු සුදු ළූණු සහා කරපිංචාත් ඒවා බැදීගෙන එද්දි දඹල, ලූණු සහා තක්කාලි එක් කරගන්න. ඉන්පසු ගෝවාත් අවශ්ය නම් තව කෑලි මිරිස් සහා ලුණු ටිකකුත් එක් කරගන විනාඩියක් පමණ පිසගෙන පියනකින් වසා රස, සුවඳ හොඳින් රඳවාගැනීමට රස්නෙ පිට මද වෙලාවක් තියන්න.

Scroll to Top