Weekend එකේ අපි හැමෝම බලන්නේ ටිකක් relax එකේ ඉන්නනෙ. ඉතින් dinner එකට වැඩිය මහන්සි වෙන්නේ නැතිව හදාගන්න පුළුවන් කෑමක් තමයි අද ගෙනාවේ. දවල් ඉතිරි බත් වලට match වෙන්න හදන මේ dish එක හරිම රසයි වගේම හැමදාම කන දේවල් වලට වඩා වෙනස් නිසා weekend special එකක් විදියටත් නියමයි. අනික් වාසිය තමයි මේක එකම pan එකේ හදාගන්න පුළුවන්. එතකොට භාජන හෝදන්න මහන්සි වෙන්න ඕනත් නැ. ඉතින් අපි බලමු මේ weekend dinner bowl එක හදාගන්න විදිය.
අවශ්‍ය ද්‍රව්‍ය:
බිත්තර
නෙලුම් අල
ගෝවා මල් / බ්‍රොකලි
ඉස්සෝ
පිපිඤඤා
තක්කාලි
නිවිති
බත්
නෙලුම් අල
ගෝවා මල් / බ්‍රොකලි
ඉස්සෝ
පිපිඤඤා
තක්කාලි
නිවිති
බත්
සාදන ක්‍රමය:
මුලින්ම අපි ගෝව මල්/බ්‍රොකලි සෝදලා පොඩි කෑලි වලට කපා ගත්ත. නෙලුම් අල සිහින් පෙති වලට කැපුවා. නිවිති කොළ සෝදලා ගත්තා. මේ රෙසිපි එකට ටෝෆු අවශ්‍ය නැ. එත් ගෙදර හදපු ටෝෆු ටිකක් තිබුන නිසා මම ඒ ටිකත් පොඩි කොටු විදියට කපා ගත්තා. ඊලගට pan එකට තෙල් ටිකක් දාලා බිත්තරය bull’s eye විදියට හදාගන්න ඕනේ. ඊට පස්සේ බිත්තරය pan එකෙන් අයින් කරලා අපි තව තෙල් ටිකක් දාගෙන තෙල් රත් වෙද්දී මල්ගෝවා, ටෝෆු , නෙලුම් අල, නිවිති , ඉස්සො වෙන වෙනම pan එකේ තියාගන්නවා මිශ්‍ර වෙන්නේ නැතිවෙන්න. ඉතින් ඒ ටික fry වෙනකොට ලුණු, ගම්මිරිස් ටිකක් උඩින් ඉහගන්න ඕන. ඉස්සෝ වලට උඩින් නම් මම මිරිස් කුඩු ටිකකුත් ඉස්සා ටිකක් spicy වෙන්න ඕන නිසා. කරපිංචා කොළ දෙක තුනක් තෙම්පරාදු කරගත්තනම් තවත් හොදයි. ඉතින් මේ ටික fry වෙන අතරේ මම පිපිඤඤා සහ තක්කාලි පෙති කපා ගත්තා. දැන් තියෙන්නේ මේ dinner bowl එක arrange කරගන්න. මුලින්ම මම bowl එකට දාගත්තේ බත්. ඊට උඩින් bull’s eye egg එක තිබ්බා. ඊට පස්සේ අනික් දේවල් ලස්සනට arrange කරගත්තා. දැන් මේ dinner bowl එක weekend එකේ movie එකක් බලන ගමන් වුනත් කන්න හරිම ලේසියි ඒ වගේම රසයි. ඔයාලත් try කරලා බලන්න මේ easy weekend diner bowl එක.
