බතල – Gizzard කොත්තු

අදත් gizzard රෙසිපියක්. බතල කොත්තු කියන්නෙ රොටි කොත්තුවලට වඩා ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් ඊට වඩා ගොඩක් රස සහ සෞඛ්යමත් ආහාරයක්.

තනි පුද්ගලයෙකුට තමයි මේ ප්රමාණ
1.⁠ ⁠බතල අල 2ක්
2.⁠ ⁠Gizzard 100g
3.⁠ ⁠දඹල කරල් 2ක්
4.⁠ ⁠ගෝවා කොළ 2ක්
5.⁠ ⁠තක්කාලි ගෙඩියක්
6.⁠ ⁠රස කාරක ලෙස – ළූණු, සුදු ළූණු, කරපිංචා, ලුණු, කහා, ගම් මිරිස් සහා කෑලි මිරිස්
7.⁠ ⁠පොල් තෙල් ස්වල්පයක්

මුලින්ම බතල තම්බාගන කුඩා කැබලිවලට කපාගන්න. ඒ අතරම gizzard වලට ලුනු, කහා, කුඩාවට කපාගත් සුදු ලූණු, ගම්මිරිස් දමා වතුර ස්වල්පයක තම්බාගන්න. වතුර හිඳුණු විට එම භාජනයටම තෙල් චුට්ටක් දමා සුදු ළූණු, කර පිංචා එකතු කරගන්න. ඒවා බැදීගෙන එන විට ලියාගත් දඹල, ලොකු ලූණු සහා කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගන්න. ඉන්පසුව බතලත්, රස අනුව ලුනු සහා කෑලි මිරිසුත් එකතු කරගෙන අවසානයට ලියාගත් ගෝවා එකතු කර විනාඩියක් පමණ ලිප මතම හොඳින් මිශ්ර කරගන්න. උණුවෙන්ම රස බලන්න.
Scroll to Top