මුං ඇට පැටී

වශ්ය ද්රව්ය:
 
තම්බාගත් මුං ඇට කෝප්ප 2
ලොකු ළූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 5-6
කරපිංචා
බිත්තර 1
ලුණු කුඩු
මිරිස් කුඩු
බැදපු තුනපහ කුඩු
ගම්මිරිස් කුඩු
කහ කුඩු
පොල්තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

පළමුව තම්බාගත් මුං ඇට ටික හොදින් පොඩි කර ගන්න..

පසුව එයට සිහින්ව කපාගත් ළූණු, අමු මිරිස් , කරපිංචා, බිත්තරය සහ කුළුබඩු රස අනුව අවශ්ය පමණට එක්කර හොදින් කවලම් කර ගන්න..( කැමතිනම් තම්බාගත් මාළු හෝ කුකුල් මස් ආදියද එකතු කර රස වැඩිකර ගත හැකිය.)

දැන් මිශ්රනයෙන් ස්වල්පය බැගින් ගෙන පැටී හැඩයට සාදාගන්න…( සැ.යු. – මෙයට කිසිදු පිටි වර්ගයක් එකතු නොකරන නිසා මෙය ඉක්මනට කැඩෙන්න බලනවා..එම නිසා පොඩියට පැටී එක සාදා ගැනීමෙන් දෙපැත්ත හරවමින් නොකැඩෙන සේ බැදගත හැකිය..)

දැන් pan එකක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර, පරිස්සමට පැටී ටික දමා දෙපැත්ත හරවමින් මද ගින්දරේ බැදගන්න…

මුං ඇට පෝෂන ගුණයෙන් ඉතා ඉහළ ප්රෝටීන් බහුල ආහාරයකි…මෙයට බිත්තරයක්ද එකතු කරන නිසා ඉතා ඉහළ ප්රෝටීන ගුණයෙන් යුතු රෙසිපියකි….

මෙය කෙටි ආහාරයක් , සැන්විච් හෝ බර්ගර් සමග එහෙම නැතිනම් උදෑසන හෝ රාත්රී ආහාර වේලක් ලෙසද ඔබට රසවිදිය හැකිය..
Scroll to Top