කංකුන් Egg Stir Fry

දවසකට පලා ජාතියක් කන්න නිර්දේශිතයිනෙ. මැල්ලුම්ම කන්න ඕනෙ නෑ එහෙම කියලා… මේක හදාගන්න හරිම ලේසියි.

සාමාන්ය කංකුං මිටියකට තමයි මේ රෙසිපියේ ප්රමාණය. පස් දෙනෙකුට විතර ඇති.

පෑන් එකකට තෙල් මේස හැන්දක් පමණ ගෙන එක් කර, රත් වීගෙන එන විට පෙති ලෙස කපාගත් සුදු ළූණු දමා මදක් බැදගන්න. මෙහිදී සුදු ළූණු රසය ඉස්මතු කරන්න අවශ්ය නිසා සුදු ළූණු ගෙඩියක් පමණ ගන්න ඕනෙ. සුදු ලූණු බාගෙට බැදීගෙන එන විට කඩාගත් කංකුං කොළ සහා දඬු එක් කරන්න… කංකුං වල පැහැය වෙනස් නොවෙන විදිහට මද ගින්නේ හැන්දකින් පෙරලමින් පිසගන්න.

කංකුං වතුර ඉවත්වී පිසී අවසන්වීමට ආසන්න වන විට බිත්තරයක් සහා ලුනු කුඩු එක් කරගන හොඳින් මිශ්ර කරගන්න. බිත්තරය පිසුනු විටම ලිපෙන් ඉවත් කරගන්න… නැත්නන් කංකුං වල කොළ පැහැය වෙනස් වෙලා පෙනුම ලස්සනට එන්නෙ නැහැ. මේත් එක්ක විතරක් වුනත් බත් කන්න පුළුවන් තරමට රසයි… ඔයාලත් හදලා කාලා බලන්න.
Scroll to Top