කව්පි වෙජිටබල් එග් ෆ්‍රයි

සමබල ආහාර වේලක් කියන්නෙ හැමවෙලේම බත්, එළවලු මාලු විතරක් නෙමෙයි…. මේ මන් වැඩ ඇරිලා ඇවිත් රෑට කන්න හදාගත්ත සරල, සමබල ආහාර වේලක්…

කව්පි වගේ ධාන්ය වර්ග හුඟක් අය හිතන්නෙ හදාගන්න අමාරු කෑම විදිහට. මන් නම් හරිම ලේසියෙන් හදනවා… ඊයෙ රෑට කෑම හදන වෙලේම මන් කව්පි මිටක් පෙඟෙන්න දැම්මා. එතකොට අද රෑ කෑම හදන්න යන වෙලේට ඒක දවසක් විතරම පෙඟිලා… තැම්බෙන්න යන්නෙ විනාඩි 20ක් වගේ… ඉතින් මුලින්ම ඒක තැම්බෙන්න තියලා අනිත්වා සූදානම් කරගන්න පුළුවන්.

මන් එළවලු විදිහට ගත්තෙ කැරට් සහා දඹල. ඊට අමතරව පොඩි රට ළූණු ගෙඩියක් සහා තක්කාලි ගෙඩියකුත්, කරපිංචා කොළ ටිකක් සහා සුදු ළූණු බික් දෙකක් තමයි අමුද්රව්ය විදිහට භාවිතා කළේ… කව්පි තැම්බුනාම ඒකෙ වතුර ඉවත් කරලා කව්පි පොඩි තසිමකට අයින් කරන් ඒ සාස්පානෙම මන් ෆ්රයි එක හදාගන්නෙ… ඉතින් ඇත්තටම මේක one-pot-dish එකක් වගේ…

පොල් තෙල් තේ හැන්දක් පමණ සාස්පානට දමාගෙන තෙල් රත්වීගෙන එද්දි සුදු ළුණු සහා කරපිංචාත්, ඒවා බැදීගෙන එද්දි දඹලත් එක් කරගන්න. දඹල මදක් පිසෙද්දි බිත්තරය දමාගෙන එවෙලෙම ලුනු කුඩු ස්වල්පයක් සහා කෑලි මිරිස් අවශ්ය ප්රමාණයට දමාගන්න. බිත්තරය පිසීගෙන එන විට හොඳින් මිශ්ර කරගෙන කව්පි සහා තක්කාලි එක් කරගන්න. මන් මේකට කැරට් සහා ළූණු එක් කරන්නෙ අන්තිම විනාඩි දෙකේදි විතර. Crunchy ගතියට තියෙන්න. ඉන්පසු ලිප වසා සාස්පාන පියනකින් වසා මිනිත්තුවක් පමණ ලිප මතම තියනවා ෆ්ලේවර්ස් හොඳට උරාගන්න. එච්චරයි 

මේ ප්රෝටීන් සහා තන්තු බහුල, විටමින්, ඛනිජ ලවණ සහා ප්රතිඔක්සිකාරක බහුල ආහාර වේල ඔයාලටත් අමුද්රව්ය මාරුකරමින් විවිධ වෙනස්කම් කරමින්, බෝඩිමක, හොස්ටල් එකක වුනත් ලේසියෙන් හදලා රස බලන්න පුළුවන්.. 
Scroll to Top