මීකිරි සහ කෙසෙල්

අපි මේ ටිකේම අරන් ආවෙ කැලරි අඩු ආහාර වර්ග නිසා අද කැලරි වැඩි රෙසිපි එකක් අරන් එන්න හිතුවා. තමුන්ගෙ බර වැඩිකරගන්න උත්සාහ දරන අය වෙනුවෙන් සහා අඩු බර දරුවන්ගේ බර වැඩිකරගන්න උත්සාහ කරන අම්මලා වෙනුවෙන්. මේක ප්රධාන ආහාරයක් විදිහට ගත්තොත් සාපේක්ෂව කැලරි අඩු නිසා එහෙම පාවිච්චි කරන්න පුළුවන් අනිත් අයට. බෝඩිම්වල, හොස්ටල්වල ඉන්න අයට විශේෂයෙන්ම!

මේකෙ ඇත්තටම රෙසිපියක් කියලා නෑ. මෙ තියෙන්නෙ සීනි කෙසෙක් ගෙඩි දෙකකට, මී කිරි මේස හැඳි තුනක් දාලා, පොල් පැණි චුට්ටකුත් එක්ක. මී කිරි සහා කෙසෙල් යන දෙකෙහිම කැලරි වැඩියි. ඊයෙ සලාදෙ dressing එකත් මී කිරිවලින් හදලා තිබුණ බව මතක ඇති. මී කිරි වල සත්තව ප්රෝටීන නිසා අත්යාවශ්ය ඇමයිනෝ අම්ල මෙන්ම මේදය නිසා අමතර ශක්තියත් ලැබෙනවා.

 මී කිරි පැනි ගොඩක් එක්ක තනියම කනවට වඩා මෙහෙම පළතුරක් එකතු කරගත්තම ඒකෙ පෝෂණ ගුණය සෑහෙන්න ඉහළ නංවන්න පුළුවන් වගේම එකතුකරන පැණි ප්රමාණයත් අඩුකරන්න පුළුවන්. ඔයාලාත් මේ රසම රස වෙනස කරලා බලන්නකො
Scroll to Top