අද අපි අරන් ආවෙ ටිකක් වෙනස් රෙසිපියක්.
බාර්ලි අතිතයේ ලංකාවේ වගා කරපු, අපේ මුතුන් මිත්තන්ගෙ ආහාර රටාවේ අඩංගු වුනු ධාන්‍ය වර්ගයක්. දැන් බාර්ලි තියෙන අති සැකසුම් ආහාර, කිරි පිටි, බීම වර්ග භාවිතා කරත්, බාර්ලි බාර්ලි විදිහටම ආහාරයට ගන්න එක අපෙන් එක්ක වියැකිලා ගිහින්. අපේ ධාන්‍ය භාවිතය සහල් සහා තවත් සීමිත වර්ග කිහිපයකට සීමා වෙලා.
බාර්ලි දැනට ආනයනික භෝගයක් වුනත් ඉස්සර වගේ ලංකාවේ වගා කරන්න බැරි නෑ. අපි YouPAH foodventure වලින් ආහාරවල විවිධත්වය ප්‍රවර්ධනය කරන නිසා අද බාර්ලි වලින් සරලව හදාගන්න පුළුවන් රසවත් ආහාරයක් ගේන්න හිතුවා.
බාර්ලි කියන්නේ තන්තු, ප්‍රෝටීන් වගේම විටමින් B, E සහා K බහුල ධාන්‍යයක්. හොදට කාලා හැඩට ඉන්න පෝෂ්‍යදායි ආහාරයක් තමයි ‘අඹ බාර්ලි’
සාදන ආකාරය:
පැය 8ක් පමණ පෙගුණු (කළින්දා රෑට පෙඟෙන්න දාන එක ලේසියි) බාර්ලි කෝප්ප එකකට වතුර කෝප්ප එකාමාරක් දමා හොදින් තම්බා ගන්න.
පසුව හොදින් ඉදුණු අඹ සිහින් ව කපා බාර්ලි සමග පිළිවන්න.
බාර්ලි වලට අමතර සීනි හෝ ලුණු දැමීම අවශ්‍ය නෑ,. අඹ වල ස්වාභාවිකව ඇති පැනි, ඇඹුල් රස ප්‍රමානවත්. ඔබත් හදලා රස බලන්න…
