වෛද්‍ය දුලානි ගමගේ ගෙ මෙනේරි රෙසිපියක්. එතුමියගේ ශ්‍රී ලාංකිකයින්ට අමතකව ගිය දේශීය ධාන්‍ය වර්ගයක් ප්‍රවර්ධන වෑයමට උදව්වක් විදිහට. මේ රෙසිපි එක දෙදෙනෙක් සදහා මෙනේරි සුප් සෑදීමට ප්‍රමාණවත්.
අවශ්‍ය ද්‍රව්‍ය:
මෙනේරි කෝප්ප 1
වතුර කෝප්ප 2
පොල් කිරි (දියකිරි මිටිකිරි මිශ්‍ර) කෝප්ප 1
සුදුලූනු බිකි (සිහින්ව ලියාගත්) 2
කැරට් (කුඩා කැබලි වලට කපා) කෝප්ප 1/2
වට්ටක්කා (කුඩා කැබලි වලට) කෝප්ප 1/2
ලීක්ස් (සිහින්ව ලියාගත් කොළ පැහැති කොටස) කෝප්ප 1/2
ලුණු, ගම්මිරිස් රස අනුව
සාදන ආකාරය:
මෙන්රි සොදින් සෝදා පැය භාගයක් පමණ පොඟවා ගන්න. ඉන්පසු වතුර හා කපාගත් සුදුලූනු, කැරට් හා වට්ටක්කා එකතු කර විනාඩි 10ක් 15ක් පමණ උයාගන්න. මෙනේරි හොදින් තැම්බුනු පසු ලීක්ස් හා පොල් කිරි එකතු කර මද ගින්නේ විනාඩි 5ක් පමණ හැඳි ගා ගන්න. ලිපෙන් බාගෙන උණුවෙන් පිළිගන්වන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න.
