අවශ්‍ය ද්‍රව්‍ය:
- – කෝලිෆ්ලවර් – මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක්
- – තක්කාලි – මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 4ක්
- – ලූනු – ස්වල්පයක්
- – සුදුලූනු – බික් කිහිපයක්
- – අමුමිරිස් – කරල් කිහිපයක්
- – මිරිස් කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
- – කහ කුඩු – ස්වල්පයක්
- – තුනපහ කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
- – කුරුඳු – කැබැල්ලක්
- – ලුණු – රස අනුව
- – දියකිරි – අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
- 1. මුලින්ම කෝලිෆ්ලවර් හොඳින් පිරිසිදු කර සෝදා මධ්‍යම ප්‍රමාණයේ කැබලිවලට කපාගන්න. තක්කාලි ගෙඩි හතරත් හොඳින් සෝදා සිහින් කැබලිවලට කපාගන්න.2. භාජනයකට කපාගත් කෝලිෆ්ලවර්, ලූනු, සුදුලූනු, අමුමිරිස්, කුරුඳු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ රස අනුව ලුණු එකතු කරන්න.3. එයට දියකිරි ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කර ලිප තබා කෝලිෆ්ලවර් තැම්බෙන්න හරින්න.4. කෝලිෆ්ලවර් තැම්බීගෙන එන විට සිහින්ව කපාගත් තක්කාලි කැබලි එකතු කර හොඳින් කලවම් කරන්න.5. අවශ්‍ය නම් තවත් දියකිරි ස්වල්පයක් එකතු කර කෝලිෆ්ලවර් සහ තක්කාලි හොඳින් තැම්බෙන තුරු මඳ ගින්දරේ පිසගන්න.6. සියල්ල හොඳින් තැම්බුණු පසු ලිපෙන් ඉවත් කරගන්න.
තවත් රසවත් අදහසක්!
මේ ව්යංජනයම කුරුඳු කැබැල්ල ඉවත් කර, තරමක් නිවුණු පසු බ්ලෙන්ඩර් කරගත්තොත් රසවත් කෝලිෆ්ලවර් තක්කාලි සුප් එකක් විදිහටත් රසවිඳින්න පුළුවන්! අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කර සුප් එකේ උකු ගතිය සකස් කරගන්න..
