අවශ්‍ය අමුද්‍රව්‍ය:
තම්බපු කඩල කෝප්ප 2යි
– හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 2යි
– බිත්තර 2යි
– කොකෝවා පවුඩර් මේස හැඳි 3යි
– පොල් පැණි මේස හැඳි 2යි
– ලුණු තේ හැඳි 1/8යි (ඇඟිලි තුඩුවලින් ගෙන ස්වල්පයක්)
– වැනිලා තේ හැඳි 1යි
සාදාගන්නා ආකාරය:
* සියලුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමාගෙන කඩල හොඳින් පොඩිවෙන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
* බේකින් පේපර් එකක් හෝ තෙල් කඩදාසියක් අතුරාගත්ත කේක් ටින් එකකට දමා කළින් රත් කරගත් අවන් එකක 150°c විනාඩි 15ක් – 20ක් පමණ බේක් කරගන්න.
