Salad Snack

අද අරන් ආවෙ snack එකක් විදිහට හදපු salad එකක්. මේකට ගත්තෙ දම් ගෝවා, බෙල් පෙපර්, පාස්ලි සහා රට ලූණු. රස ගන්වන්න ඔය උඩින් දාලා පේන්නෙ… මී කිරි මේස හැඳි දෙකයි, ගම්මිරිස් කුඩුයි. ඕ… ලුණු දැම්මෙ නෑ…. පාස්ලිවල එන unique රස මේකෙ අනිත් රසවල් එක්ක මිශ්ර වෙලා හරිම රසවත් රස සංකලනයක් එනවා…. කැමති නම් දෙහි ඇඹුල් ටිකක් එක් කරලා තව වෙනස් රසයක් ගන්න පුළුවන්.

වැඩට යද්දි මෙහෙම අනන්නෙ නැතුව ගෙනිහින් කන වෙලාවෙදි අනාගන්න එකෙන් සලාදයක නැවුම් රසය සහා පෙනුම රැකගන්න පුළුවන්. හරිම ලේසියෙන්.

Scroll to Top