පෝෂණීය බතල අග්ගලා

තම්බපු කහ බතල පොඩි කරගත්තම පැණි රස නිසා වියලි ධාන්ය හෝ බීජ වර්ග එක්ක මිශ්ර කරලා අග්ගලා හෝ ලඩ්ඩු හදන්න භාවිතා කරන්න පුළුවන්.

මේ තම්බාගත් කහ බතලවලට වට්ටක්කා ඇට, සූරියකාන්ත ඇට, පොල් සහා පොල් පැනි භාවිතා කරලා හදාගත්ත පෝෂණීය අග්ගලාවක්. මේක කැලරි අධික වුනත් තන්තු, විටමින්, ඛනිජ ලවණ, ප්රෝටීන් මෙන්ම හිතකර මේද අම්ලවලිනුත් අනූනයි. බිස්කට්, බයිට් වැනි දේවල් එක්ක සසඳද්දි හැම අතින්ම හොඳයි. බර අඩු පොඩි දරුවන්ට විශේෂයෙන්ම හොඳයි.

වට්ටක්කා සහා සූරියකාන්ත ඇට රත්වූ පෑන් එකක පොඩ්ඩක් රෝස්ට් කරගෙන (කබලෙ බදිනවා කියන්නෙ ඉස්සර), ගා ගත්ත පොල් සහා තම්බා පොඩි කරගත්ත බතල සම ප්රමාණවලින් අරන්, මිශ්ර කර, අග්ගලා ලෙස සාදාගන්න. උඩින් පැනි පොඩ්ඩක් වත් කර පිළිගන්වන්න.

Scroll to Top