හොඳට පැසුණු අළු කෙසෙල් ගෙඩි තුනක් සුද්ද කර කුඩා කොටුවලට කපාගෙන, අලු කෙසෙල් වැසෙන ප්රමාණයට වතුර එක් කර ලුණු ස්වල්පයක් (රස අනූව) සහ කහකුඩු තේ හැදි කාලක් දමා තැම්බෙන්න ලිපේ තියන්න.
එය තැම්බෙනකන් පොල් මැල්ලුම හදාගමු. පොල් මේස හැඳි දෙකකට සූදුරු, අබ තේ හැදි බාගය බැගින්, රම්පේ කැබැල්ලක් සහ කරපිංචා ඉති දෙකක්ද එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න හෝ වංගෙඩියේ කොටා ගන්න. දැන් සිහින්ව ලියා ගත් රතුළුනු ගෙඩි පහක් පමණ සහ සුදුලූණු බික් දෙකක් පමණ පොල් මිශ්රණයට එකතු කර කලවම් කර පසෙකින් තබාගන්න.
රත් වුණු පෑන් එකට තෙල් තේ හැන්දක් දමා කූනිස්සන් ටික රන්වන් පාට වන තුරු විනාඩි තුනක් පමණ බැදගන්න. කූනිස්සන් හොඳ පාටට ඇවිල්ලා සුවඳ එද්දී පොල් මිශ්රණය එකතු කර විනාඩි දෙකක් පමණ පිසගන්න. අවසානයට තම්බාගත් අලු කෙසෙල්, පොල්-කූනිස්සන් මිශ්රණයට එකතු කර රස බලන්න.