පහසුවෙන් වගේම, ගුණට හදාගන්න පුලුවන් රස සුප් එකක් අරන් ආවා.
250g ක පමණ වට්ටක්කා කැබැල්ලක් කුඩාවට කපාගන්න. පොත්තත් එක්කම. දැන් රත්වුණු පෑන් එකට පොල්තෙල් තේ හැඳි එකක් දමාගන්න. සිහින්ව කපාගත් සුදු ලූනු, රතු ලූනු තේ හැන්ද බැගින් එකතුකර විනාඩියක් පමණ සුවඳ එනතුරු බැදගන්න. දැන් සිහින්ව කපාගත් වට්ටක්කා කැබලි ටික එකතු කර විනාඩි පහක් පමණ තෙලෙන් හොඳින් මලවා ගන්න. වට්ටක්කා කැබලි වැසෙන තෙක් වතුර එක් කර විනාඩි දහයක් පමණ පියනින් වසා හොඳින් තම්බා ගන්න. (ප්රෙශර් කුකර් එකක් තිබෙනවා නම් විසිල් දෙකක් පමණ යනතුරු හොඳින් තම්බා ගැනීම ප්රමාණවත්)
විනාඩි දහයකට පසු තම්බාගත් වට්ටක්කා සුප් එකේ වට්ටක්කා කැබලි ටික හැන්දක් ආධාරයෙන් පොඩි කරගන්න. නොඑසේ නම් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. රස පදමට ලුණු කුඩු සහ ගම්භිරිස් එකතු කරගන්න. බ්ලෙන්ඩර් කරගත් හෝ පොඩි කරගත් සුප් එක නැවත ලිප මත තබා සිහින්ව කපාගත් නිවිති කොළ අල්ලක ප්රමාණයක් දමා විනාඩියක් පමණ මඳ ගින්නේ රත් කර සුප්එක රස විඳින්න.