Mixed fruit lassie

ගෙදර තිබ්බ පළතුරු ජාති කීපයක් එකතු කරගෙන රස්නේ කාලේ හදාගත්ත බීම එකක් ගැනයි මේ..

මේකට එකතු කරගත්තේ තෑගි හම්බුණු කෙසෙල් සහ අඹයි, ගෙවත්තෙන් ලැබුණු ගස්ලබු සහ ජම්බුයි. ගෙදර ගෙනාපු මුදවපු කිරි තිබ්බ නිසා රස ගුණ දියුණු වෙන්න ඒකත් එකතු කරගත්තා..

මේ ටික ඔක්කොම එකතු කරගෙන බ්ලෙන්ඩර් කරගන්නයි තියෙන්නේ. සීනී, ලුණු එකතු කරන්න ඕනෙම නෑ. ඒ නිසා විවිධ පළතුරු රස සහ කිරි රස ඇත්තටම වින්දෑකි මේක බොද්දි..

හැබැයි කැලරි අධික පානයක් නිසා ඒ ගැන අවබෝධයෙන් මේවා කෑම වේලට එකතු කරගන්න..
Scroll to Top